Monday, August 6, 2012

කෝ බන් කොලුවො මේ සක්කුවෙ තිබ්බ දාහෙ කොලේ....


ඔන්න ඉතින් ඇලඩින් අද කියන්න යන්නෙ ඇලඩින්ගෙ ගෙවල් ගාව ගෙදරක මනුස්සයෙක්ගෙ කතාවක්.
ඇලඩින්ගෙ ගෙවල් ගාව තියෙනවා තව පුංචි ගෙයක්. ඒක මැටියෙන් හදල තියෙන්නෙ. ඇලඩින් වගේම දුප්පත් පවුලක් තමයි ඒ ගෙදර ජීවත් වෙන්නෙ.
ගෙදර ඉන්නෙ තත්තයි පුතයි විතරයි. අම්ම ඉන්නෙ රට. අම්ම රට ගියේ මේ ලඟදි. පොඩි එකා තාම බාලංසෙ.
ගෑණු මනුස්සය රට ගිය ගමන් මිනිහ කර කර හිටපු ජොබ් 1 නැවැත්තුවා. ඇයි ඉතින් ගෑණු මනුස්සය මාසයක් මසයක් ගානෙ හම්බ කරන සල්ලි ගෙදරට එවනවනේ.

ඒ ගෙදර වත්තෙ ලිඳක් තිබ්බට එකෙ වතුර බොන්න බෑ. එ හින්ද බොන්න වතුර ගන්නෙ ඇලඩින්ගෙ ගෙදරින් තමයි.කාට උනත් බොන්න වතුර ටිකක් දෙන 1 ලොකු පිනක් නොවැ.
ඔන්න ඉතින් මේ කතාව මිනිහ මට කිව්වෙ අපේ ගෙදර වතුර ගන්න ආපු වෙලාවක තමයි. ස්ට්‍රයික් හින්දා මාත් ඒ දවස් ටිකේම ගෙදර නොවැ හිටියෙ.
කතාව මෙන්න මෙහෙමයි.

මේ මනුස්සයගෙ ගෑණු මනුස්සය වැඩ කරන්නෙ අරාබි රටක. මේ සිද්ධිය උන දවස් වෙනකොට ඒ රටවල් වගේම අපේ රටේ මුස්ලිම් මිනිස්සුන්ටත් නෝම්බි.
ඒ හින්ද රට ඉඳන් සල්ලි එවල නෑ. ඉතින් ඒ දවස් ටිකේ ගෙදර දුවල තියෙන්නෙ රිම් 1කේ. ඔහොම ටික දවසක් යද්දි  මිනිහගෙ අතේ තිබ්බ සල්ලි ඔක්කොම වගෙ ඉවර උනාලු.
ටික දවසක් කඩවල් වලින් ණයටත් අරගත්තලු. ඒත් ඉතින් හැමදාමත් ඔය වැඩේ කරන්න් පුලුවනෑ. පොඩි එකාටත් කන්න දෙන්න ඕනැ. ඌටත් තියෙන්නෙ යකාගෙ බඩක් නොවැ.
ඒක කොයි වෙලාවෙත් බෙරිහන් දෙනවලු බඩකිනි තාත්තෙ බඩකිනි තාත්තෙ කියලා.



 දැන් ඉතින් මිනිහා කල්පනා කරනවලු මේකට මොකක්ද කරන්නෙ කියල. ඔහොම ටික වෙලාවක් කල්පනා කර කර ඉන්නකොට මිනිහගෙ හිතට හොඳ අදහසක් ආවලු.
මිනිහ කොලේකුයි පෑනකුයි අතට අරගෙන මෙ දවස් ටිකට ඕන කරන බඩු ලිස්ට් 1 ලිව්වලු. බඩු ටිකට යන ගාන රුපියල් 600ක් විතර උනාලු.
කමක් නෑ කියල පොඩි එකාවත් බයිසිකලේට නග්ගගෙන කඩේට යන්න පිටත් උනාලු. ගමේ කඩ වලට යන්න ව පුලුවනෑ. ගමේ කඩ වලට යනව තියා ඒ පැත්තටවත් යන්න බෑ. කඩ
මුදලාලිලා එලව එලවා ණයට ගත්තු බඩු වල සල්ලි ඉල්ලනවා. ඒ හින්ද මිනිහ ලඟ පාත තියෙන ටවුමෙ කඩේකට යන්න තමයි පිටත් උනේ.
ඔන්න ඉතින් කිව්ව වගේ පොඩි එකාවත් නග්ගගෙන මිනිහා කඩේට ගියාලු. පුදනකොටම කාපි යකා කිව්ව වගේ කඩේ ඉස්සරහම ගහල තිබ්බලු ණයට දීමෙන් මුදලත් මිතුරාත් නැති වේ කියල.
කමක් නෑ ට්‍රයි කරලම බලනව කියල කඩේට ගිහින් මුලින්ම මුදාලාලිට කට පුරා හිනාවක් දාල බඩු ලිස්ට් 1 දික් කරලා " මුදලාලි.... මට මෙන්න මේ බඩු ටික දෙන්න " කියල අතේ තිබ්බ කොලේ දුන්නලු
ඉතින් මුදලාලිත් ටික වෙලාවකින් ලිස්ට් එකේ තිබ්බ සේරම බඩු ටික කිරල මල්ලකට දාල බඩු වල ගනන් හදල "ඔක්කෝටම රුපියල් 601 යි. 1 ඕනෙනෑ, 600ක් දෙන්නකෝ " කියල කිව්වලු.
ආ මෙන්න මුදලාලි කියල මිනිහ මුදලාලිට පේන්න  කමිසෙ උඩ සාක්කුවට අත දැම්මම්ලු. අත දැම්මට වැඩක් තියේ.
උඩ සාක්කුවෙ සල්ලි නැති පාර මුදලාලිට පේන්න කලිසන් සාක්කු වලත් දමාගෙන හොයනවලු. කොච්චර හෙව්වත් වැඩක් තියෙයි. මිනිහා මුදලාලිට පේන්න ටිකක් බය වෙලා වගේ මුලු කඩේටම ඇහෙන්න
"ඈ බන් කොලුවො... කෝ බන් මගෙ සාක්කුවෙ තිබ්බ දාහෙ කොලේ.... " කියල ඇහුවලු. කොල්ලත් එක පාරට "ඇයි තාත්තෙ, තාත්ත එනකොට උඩ සාක්කුවෙ දාගත්තෙ " කියල කිව්වලු.
මුදලාලිටත් මේක දිහා බලල හෙන අප්සට්ලු.මිනිහ අහුවලු "ඈ උන්නැහේ... සල්ලි නැති වෙලාවත්ද " කියල.

 " ඒක තයි මුදලාලි.. සන්තකේටම තිබ්බෙ එච්චරයි. කොහේ නැති උනාද දන්නෙ නෑ." කියල හෙන අප්සෙට් මූඩ් එකෙන් කිව්වලු. ඒ අස්සෙ පොඩි එකා කෑ ගහනවලු බඩකිනි , ඉක්මනට ගෙදර යන් කියලා.
මිනිහා ඒ පාර " පාරෙ වැටුනද දන්නෙත් නෑ... මන් පොඩ්ඩක් පාර දිහා බලල එන්නම්. උඔ පොඩ්ඩක් කඩේට වෙලා හිටපන් " කියල බයිසිකලෙත් හරෝගෙන පාර පැත්තට ගියාලු. කඩේට නොපෙනෙන හරියට ගිහින්
ටික වෙලාවක් නවත්තගෙන හිටියලු. ඇයි ඉතින් හොයල වැඩක් තියෙයිද?
ටික වෙලාවකින් ආයෙත් කඩේට ආවලු මූනත් බෙරි කරගෙන. ඒ අස්සෙ පොඩි එකාත් අර මොකාද වගේ කෙඳරිම ගනවලු. මුද්ලාලිටත් මේ සිද්දිය හෙනම අවුල්ලු. 
මිනිහා ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා "අපි යන් යන්න කොලුවො. මොනව ? මේක අපේ කරුමෙ තමා. හිඟන්නගෙ පාත්තරේටමනෙ හෙන ගහන්නෙ" කියල බයිසිකලේ හරෝ ගත්තලු. 
එතකොටම මුදලාලි "උන්නැහේ උන්න්හේ,,..... මේ කිරපු බඩු ටික අරන් යන්න. තියෙන වෙලාවක සල්ලි දෙන්නකෝ.... " කියල කිව්වලු. ඒ විතරක් නොවෙයි විකුනන්න තිබ්බ බනිස් ගෙඩියකුයි කෙහෙල් ගෙඩි දෙකකුත් පොඩි එකාට දීල පොඩි එකාගෙ ඔලුව අතගාල " මේක නොසෑහෙන්න බඩකින්නෙ ඉන්නෙ..." කියල කිව්වලු.
ඔන්න ඉතින් මිනිහා මුදලාලිට නොසෑහෙන්න ස්තූති කරල බයිසිකලෙත් හරෝගෙන පොඩි එකාවත් දාගෙන පස්ස නොබල ගෙදරටම පෑගුවලු. 
කොහොමද මිනිහගෙ මොලේ. 
 



 

Sunday, July 22, 2012

ඇලඩින් ගැන.....

කලින් පෝස්ට් එකෙන් බ්ලොග් 1 ගැන හෙන පුරාජේරු කියෙව්වනේ....ඒත්  ඉතින්  දැන් කට්ටිය කල්පනා කරනව ඇතිනේ කව්ද බොලේ මේ ඇලිස්...?…වැරදුනා...වැරදුනා....
කව්ද බොලේ මේ ඇලඩින්....?කියාලා. හි හි හි .........

  ඔන්න ඉතින් දැන් කියන්න යන්නෙ ඇලඩින් ගැන.හැබැයි අරාබි නිසොල්ලාසයෙ එන ඇලඩින් ගැන නම් නෙවේ ඕං.... ඇත්තම කිව්වොත් ඇලඩින් කියන්නෙ මං. ඒ තම්යි මගේ කාඩ්  1. මගේ ගම්පලාත තමයි  පස්දුන් කෝරලේ.....වයස අවුරුදු 22යි..තාම හොඳ කොලුගැටයා ඕං

මගේ කාඩ් 1 කිව්වාම හැමෝම අහන කුජීත ප්‍රශ්නයක් තියෙනවා...ඔයාලගෙ ඔලුවටත් ඒ ප්‍රශ්නෙ එන්න ඇති කියල හිතෙනව.... ඔය ප්‍රශ්නෙ ඔයාලත් මගෙන් අහන්න කලින් මමම ඒ මොකක්ද කියලා කියන්නම්කෝ.. මොකද ඒ ප්‍රශ්නෙට උත්තර දීල ඕං මට දැන් එපාවෙල තියෙන්නෙ.
 ප්‍රශ්නෙ තමයි,ආ....ඇලඩින්, කෝ උඹේ පුදුම පහන....? භූතය එහෙම නැතෙයි?ඒ වෙලාවට තමයි මගේ කටට හොඳ හොඳ එව්වා එන්නෙ...ඒත් ඉතින් කටක් ඇරල ඔව්ව කියන්න පුලුවනෑ....අපි ඉතින් ගුණගරුකව හැදිල සිරිමත් මගෙ සකි යහපත් ලමයෙකි වගේ  ශාන්ත දාන්ත තීන්ත කුපිය වගේ ඉන්න මල් වැනි හොඳ ලමයි නොවැ..... හි හි හි.....
මේ දවස් වල නම් ඔය ප්‍රශ්නෙට මං දෙන උත්තරේ තමයි .... "පහන නම් ඔන්න ඔහේ තිබ්බ බන්....ඒත් භූතය ගැන නම් කතා කරන්න එපා" කියලා.ඒ මොකද බං කියලා ඇහුවම මං කියන්නෙ "ඌ මේ දවස් වල ස්ට්‍රයික් බං" කියල.හි හි හි....
ඇයි ඉතින් මේ දවස් වල ලංකාවෙ හැම තැනම ස්ට්‍රයික් නොවැ....හැමෝගෙම කටේ තියෙන්නෙ ස්ට්‍රයික්...ස්ට්‍රයික්....ස්ට්‍රයික්.....කියලනේ....

මං මේ ලඟදි කියවපු සොලෝකයකත් තිබ්බෙ "අයං ස්ට්‍රයික් කාලෝ" කියල.ඒ කියන්නේ මේ ස්ට්‍රයික් කාලයයි කියන එක නොවැ.හි හි හි.....ඕක තිබ්බෙ මොන පොතේද දන්නවද? හි හි හි..... මූණු පොතේ.මේ පොත ගැන ඔයාල හැමෝම දන්නවනෙ.....කවුද මන්ද ඩයල් 1ක් පෝස්ට් කරල තිබ්බ.හි හි හි.......මාත් ඉතින් හැමෝම කරනව වගේ ලොකුවට LIKE පාරක් දාල SHARE පාරකුත් දැම්ම.හි හි හි....

දැන් මං කියන්න යන්නෙ මගේ අනිත් විස්තර ගැන....
මගේ පවුලෙ 4 දෙනයි.අම්මයි,තාත්තයි,මල්ලියි,මායි..මන් තමයි පවුලෙ ලොකුම එකා.... අඩම්බරයි නේ...
සා  පෙල කලේ ගමේ ඉස්කෝලෙන්..දොඩන්ගොඩ මහා විද්‍යලය.උ පෙල කලේ නගරෙ ඉස්කෝලෙන්...මතුගම ආනන්ද ශාස්ත්‍රාලය.මාත් ඉතින් අනිත් උන් වගේ ලොකු කමට කලේ සයන්ස්(Bio Science)

දැන් ඉතින් ඉන්නේ පේරාදෙණිය කැම්පස් එකේ.අති උත්තම විද්‍යා පීටයේ. තාම ඉතින් පළවෙනි අවුරුද්දෙ....ඇයි ඉතින් 2010 යෙ විභාගෙ ලිව්වට අවුරුද්දකටත් වඩා ගෙදර හිටියනේ  ඕං ලංකාවෙ අධ්‍යපනයට පිං සිද්ධ වෙන්ට.... අපිත් ඉතින් නොදැනීම වයසට යනව නොවැ. ඩිග්‍රිය අරන් ඉවර වෙද්දි කෙස් පැහිල,හම රැලි වැටිල,හැරමිට්ටෙන් යන්න වේ කියල තමයි ඇලඩින්ගෙ හිතේ බය.... ඇයි ඉතින් ලංකාවෙ හැම අවුරුද්දකම "අයං ස්ට්‍රයික් කාලෝ" වෙනවනේ....


 එහෙනම් ආයිබොවන්ට....හැමෝටම ගිහින් එන්නං කිව්වා ඕං.....

Saturday, July 21, 2012

ඇලඩින්ගේ අඩවිය හැදුනේ මෙහෙමයි......

ඇලඩින්ගේ අඩ්විය....හ්ම්ම්
…දැන් හැමෝම බලයි මොකක්ද මේ ඇලඩින්ගෙ අඩවිය කියන්නෙ මොකක්ද කියලා.අඩවිය කිව්වාම හැමෝටම එකපාරටම මත්කෙට එන්නේ දෙවියන්ගෙ අඩවිය,යක්ෂයන්ගෙ අඩවිය, භූතයන්ගෙ අඩවිය.... වගේ එවනේ...ඇරත් ඇලඩින් කිව්වාම නිකන්ම මතක් වෙන්නෙ පුදුම පහනෙ භූතයා සම්බන්ධ මොකක් හරි  කේස් 1ක් වෙන්ට ඇති කියලනේ... හි හි හි .....ටිකක් බය හිතෙයි නෙද?
…ඒ උනාට බය වෙන්ට එහෙම එපා හොඳේ....

මෙකට ඇලඩින්ගෙ අඩවිය කියල නම දම්ම්ට එහෙම බය හිතෙන දේවල් නම් මේකෙ ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ....ඇත්තම කිව්වොත් මේ තමයි  ඇලඩින්ගෙ බ්ලොග් අඩවිය .ඒ කියන්නෙ ඇලඩින් කියන කෙනා ඉදිරිපත් කරන බ්ලොග් අඩවිය. හි හි හි....
…ඇලඩින්ගෙ බ්ලොග් අඩවිය කියල දානවට වඩා ඇලඩින්ගෙ අඩවිය කියලා දැම්මාම පොඩි ගතියක් එනව කියල හිතුන... ඒකයි එහෙම දැම්මේ...

ඉතින් ඇත්තම කිව්වොත් ඇලඩින්ගෙ අඩවියෙන් බලාපොරොත්තු වෙන්නෙ ඇලඩින්ට හිතෙන දේවල්, ඇලඩින්ට දැනෙන දේවල්, ඇලඩින් දන්න දේවල්, ඇලඩින් දැකපු දේවල්, ඇලඩින් අත්විඳපු දේවල්,වගේම ඇලඩින් අත්දැකපු දේවල් ඇලඩින්ගෙ තාලෙට ඔයාලට කියන්න.
…හොඳයි නේද.....? හි හි හි ..........

දැන් ලංකාවෙ ගොඩක් උදවිය බ්ලොග් ලියනවනේ.ඉතින් ඇලඩින්ටත්  හිතුනා ඒ වගේ කලින් කියපු දේවල් ටික ඇලඩින්ගෙ  විදියට ඉදිරිපත් කරන්න.ඒ හින්ඳ තමයි මේ බ්ලොග් අඩවිය නිර්මාණය කරන අදහස ඇලඩින්ගෙ හිතට ආවෙ.

මේ අදහස ඇලඩින්ගෙ හිතට ඇවිල්ල මාස ගානක් වෙන්වවා.ඇලඩින්ගෙ යළුවො කීපදෙනෙක්ම මෙහෙම බ්ලොග් කරන්වා. ඒව දැකල තමයි වැඩිමනක්ම මේ අදහස ඇලඩින්ගෙ හිතට අවෙ.
…මෙච්චර කල් ඇල්ඩින්ගෙ හිතේ පැලපදියන් වෙලා තිබ්බ ඒ පුංචි සිතුවිල්ල ක්‍රියාවට නගන්න පුළුවන් උනා ඕං...

එහෙනම් ඉතින් ඇලඩින් ඔයාල හැමෝටම පුංචි ආරාධනාවක් කරනවා....ඒ තමයි , ඇලඩින්ගෙ මේ පුංචි බ්ලොග් 1ත් නිකන් ඉන්න ගමන් ඇවිල්ල කියවලා යන්න කියලා.ඒ වගේම තමයි ඇලඩින් එක්ක ඉදිරියටත් රැඳී ඉන්න කියලා.
ඒ වගේම තමයි ,....ඇලඩින් ඉතින් තාම මේ බ්ලොග් කෙරුවාවට තාම කෝඩුයිනෙ.ඉතිං බ්ලොග් කෙරුවාව කරගෙන යද්දි ඇලඩින් අතින් වෙන වැරදි තියෙනවනම් ඒවා පෙන්නල දෙන්න කමෙන්ට් පාරකුත් දාල යන්න අමතක කරන්න එපා.

හොඳ කියන්න, වර්ණනා කරන්න වගේම පට්ට යන්න බැන්නත් ඔන්න ඇලඩින්ගෙ හිතේ නම් අබමල් රේණුවක තරමේවත් තරහක් ,වෛරයක්, ක්‍රෝධයක්, ඒ කා ගැනවත් නෑ හොඳේ...

මේ තමයි ඇලඩින්ගෙ පළවෙනි පෝස්ට් 1.ඉතින් ඇලඩින් කලින් කිව්ව වගේ මෙකෙත් වැරදි මොනා හරි තියෙනවනම් පෙන්නන්න හොඳේ.....



adds

CBeckAds_ad_Name = "17264"; CBeckAds_ad_Group = "None"; CBeckAds_ad_Width = 728; CBeckAds_ad_Height = 90; //-->

Adds.....

Adds,,,,

Click here

CBeckAds_ad_Name = "17264"; CBeckAds_ad_Group = "None"; CBeckAds_ad_Width = 120; CBeckAds_ad_Height = 600; //-->