Monday, August 6, 2012

කෝ බන් කොලුවො මේ සක්කුවෙ තිබ්බ දාහෙ කොලේ....


ඔන්න ඉතින් ඇලඩින් අද කියන්න යන්නෙ ඇලඩින්ගෙ ගෙවල් ගාව ගෙදරක මනුස්සයෙක්ගෙ කතාවක්.
ඇලඩින්ගෙ ගෙවල් ගාව තියෙනවා තව පුංචි ගෙයක්. ඒක මැටියෙන් හදල තියෙන්නෙ. ඇලඩින් වගේම දුප්පත් පවුලක් තමයි ඒ ගෙදර ජීවත් වෙන්නෙ.
ගෙදර ඉන්නෙ තත්තයි පුතයි විතරයි. අම්ම ඉන්නෙ රට. අම්ම රට ගියේ මේ ලඟදි. පොඩි එකා තාම බාලංසෙ.
ගෑණු මනුස්සය රට ගිය ගමන් මිනිහ කර කර හිටපු ජොබ් 1 නැවැත්තුවා. ඇයි ඉතින් ගෑණු මනුස්සය මාසයක් මසයක් ගානෙ හම්බ කරන සල්ලි ගෙදරට එවනවනේ.

ඒ ගෙදර වත්තෙ ලිඳක් තිබ්බට එකෙ වතුර බොන්න බෑ. එ හින්ද බොන්න වතුර ගන්නෙ ඇලඩින්ගෙ ගෙදරින් තමයි.කාට උනත් බොන්න වතුර ටිකක් දෙන 1 ලොකු පිනක් නොවැ.
ඔන්න ඉතින් මේ කතාව මිනිහ මට කිව්වෙ අපේ ගෙදර වතුර ගන්න ආපු වෙලාවක තමයි. ස්ට්‍රයික් හින්දා මාත් ඒ දවස් ටිකේම ගෙදර නොවැ හිටියෙ.
කතාව මෙන්න මෙහෙමයි.

මේ මනුස්සයගෙ ගෑණු මනුස්සය වැඩ කරන්නෙ අරාබි රටක. මේ සිද්ධිය උන දවස් වෙනකොට ඒ රටවල් වගේම අපේ රටේ මුස්ලිම් මිනිස්සුන්ටත් නෝම්බි.
ඒ හින්ද රට ඉඳන් සල්ලි එවල නෑ. ඉතින් ඒ දවස් ටිකේ ගෙදර දුවල තියෙන්නෙ රිම් 1කේ. ඔහොම ටික දවසක් යද්දි  මිනිහගෙ අතේ තිබ්බ සල්ලි ඔක්කොම වගෙ ඉවර උනාලු.
ටික දවසක් කඩවල් වලින් ණයටත් අරගත්තලු. ඒත් ඉතින් හැමදාමත් ඔය වැඩේ කරන්න් පුලුවනෑ. පොඩි එකාටත් කන්න දෙන්න ඕනැ. ඌටත් තියෙන්නෙ යකාගෙ බඩක් නොවැ.
ඒක කොයි වෙලාවෙත් බෙරිහන් දෙනවලු බඩකිනි තාත්තෙ බඩකිනි තාත්තෙ කියලා.



 දැන් ඉතින් මිනිහා කල්පනා කරනවලු මේකට මොකක්ද කරන්නෙ කියල. ඔහොම ටික වෙලාවක් කල්පනා කර කර ඉන්නකොට මිනිහගෙ හිතට හොඳ අදහසක් ආවලු.
මිනිහ කොලේකුයි පෑනකුයි අතට අරගෙන මෙ දවස් ටිකට ඕන කරන බඩු ලිස්ට් 1 ලිව්වලු. බඩු ටිකට යන ගාන රුපියල් 600ක් විතර උනාලු.
කමක් නෑ කියල පොඩි එකාවත් බයිසිකලේට නග්ගගෙන කඩේට යන්න පිටත් උනාලු. ගමේ කඩ වලට යන්න ව පුලුවනෑ. ගමේ කඩ වලට යනව තියා ඒ පැත්තටවත් යන්න බෑ. කඩ
මුදලාලිලා එලව එලවා ණයට ගත්තු බඩු වල සල්ලි ඉල්ලනවා. ඒ හින්ද මිනිහ ලඟ පාත තියෙන ටවුමෙ කඩේකට යන්න තමයි පිටත් උනේ.
ඔන්න ඉතින් කිව්ව වගේ පොඩි එකාවත් නග්ගගෙන මිනිහා කඩේට ගියාලු. පුදනකොටම කාපි යකා කිව්ව වගේ කඩේ ඉස්සරහම ගහල තිබ්බලු ණයට දීමෙන් මුදලත් මිතුරාත් නැති වේ කියල.
කමක් නෑ ට්‍රයි කරලම බලනව කියල කඩේට ගිහින් මුලින්ම මුදාලාලිට කට පුරා හිනාවක් දාල බඩු ලිස්ට් 1 දික් කරලා " මුදලාලි.... මට මෙන්න මේ බඩු ටික දෙන්න " කියල අතේ තිබ්බ කොලේ දුන්නලු
ඉතින් මුදලාලිත් ටික වෙලාවකින් ලිස්ට් එකේ තිබ්බ සේරම බඩු ටික කිරල මල්ලකට දාල බඩු වල ගනන් හදල "ඔක්කෝටම රුපියල් 601 යි. 1 ඕනෙනෑ, 600ක් දෙන්නකෝ " කියල කිව්වලු.
ආ මෙන්න මුදලාලි කියල මිනිහ මුදලාලිට පේන්න  කමිසෙ උඩ සාක්කුවට අත දැම්මම්ලු. අත දැම්මට වැඩක් තියේ.
උඩ සාක්කුවෙ සල්ලි නැති පාර මුදලාලිට පේන්න කලිසන් සාක්කු වලත් දමාගෙන හොයනවලු. කොච්චර හෙව්වත් වැඩක් තියෙයි. මිනිහා මුදලාලිට පේන්න ටිකක් බය වෙලා වගේ මුලු කඩේටම ඇහෙන්න
"ඈ බන් කොලුවො... කෝ බන් මගෙ සාක්කුවෙ තිබ්බ දාහෙ කොලේ.... " කියල ඇහුවලු. කොල්ලත් එක පාරට "ඇයි තාත්තෙ, තාත්ත එනකොට උඩ සාක්කුවෙ දාගත්තෙ " කියල කිව්වලු.
මුදලාලිටත් මේක දිහා බලල හෙන අප්සට්ලු.මිනිහ අහුවලු "ඈ උන්නැහේ... සල්ලි නැති වෙලාවත්ද " කියල.

 " ඒක තයි මුදලාලි.. සන්තකේටම තිබ්බෙ එච්චරයි. කොහේ නැති උනාද දන්නෙ නෑ." කියල හෙන අප්සෙට් මූඩ් එකෙන් කිව්වලු. ඒ අස්සෙ පොඩි එකා කෑ ගහනවලු බඩකිනි , ඉක්මනට ගෙදර යන් කියලා.
මිනිහා ඒ පාර " පාරෙ වැටුනද දන්නෙත් නෑ... මන් පොඩ්ඩක් පාර දිහා බලල එන්නම්. උඔ පොඩ්ඩක් කඩේට වෙලා හිටපන් " කියල බයිසිකලෙත් හරෝගෙන පාර පැත්තට ගියාලු. කඩේට නොපෙනෙන හරියට ගිහින්
ටික වෙලාවක් නවත්තගෙන හිටියලු. ඇයි ඉතින් හොයල වැඩක් තියෙයිද?
ටික වෙලාවකින් ආයෙත් කඩේට ආවලු මූනත් බෙරි කරගෙන. ඒ අස්සෙ පොඩි එකාත් අර මොකාද වගේ කෙඳරිම ගනවලු. මුද්ලාලිටත් මේ සිද්දිය හෙනම අවුල්ලු. 
මිනිහා ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා "අපි යන් යන්න කොලුවො. මොනව ? මේක අපේ කරුමෙ තමා. හිඟන්නගෙ පාත්තරේටමනෙ හෙන ගහන්නෙ" කියල බයිසිකලේ හරෝ ගත්තලු. 
එතකොටම මුදලාලි "උන්නැහේ උන්න්හේ,,..... මේ කිරපු බඩු ටික අරන් යන්න. තියෙන වෙලාවක සල්ලි දෙන්නකෝ.... " කියල කිව්වලු. ඒ විතරක් නොවෙයි විකුනන්න තිබ්බ බනිස් ගෙඩියකුයි කෙහෙල් ගෙඩි දෙකකුත් පොඩි එකාට දීල පොඩි එකාගෙ ඔලුව අතගාල " මේක නොසෑහෙන්න බඩකින්නෙ ඉන්නෙ..." කියල කිව්වලු.
ඔන්න ඉතින් මිනිහා මුදලාලිට නොසෑහෙන්න ස්තූති කරල බයිසිකලෙත් හරෝගෙන පොඩි එකාවත් දාගෙන පස්ස නොබල ගෙදරටම පෑගුවලු. 
කොහොමද මිනිහගෙ මොලේ. 
 



 

12 comments:

  1. ඒකත් මරු උපාය!

    ReplyDelete
    Replies
    1. ඒ උපාය ඥාණය තමන්ගෙ දියුණුවට යොදා ගත්තනම්......

      Delete
  2. ලංකාවේ මොලවල්වෙන කොහේවත් නෑ කියන්නේ කට කහනවටද.....

    ReplyDelete
  3. ටිකිරි මොලේ .මට සැක ඕක ඇලඩින්ගේ වැඩක්ද කියන එක දිගටම ලියමු ජය!

    ReplyDelete
    Replies
    1. අප්පේ නෑ. එහෙම දෙයක් කරන්න තරම් ඇලඩින්ට මොලේ නෑ නොවැ.

      Delete
  4. හ්ම්ම්... හොර වැඩ වලට නම් ලංකාවේ අපිට තියෙන්නේ පුදුම දක්ශතාවයක් තමා.. ජය වේවා..

    ReplyDelete
  5. සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක් බව අභිමානයෙන් කිව හැකියි :D

    ReplyDelete
  6. ඒක නම් ඇත්ත තමයි.සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක්..

    ReplyDelete
  7. අදමනේ ආවේ මේ පැත්තේ..

    කොහොමද ටිකිරි මොලේ. :-))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. කෝ ලියන්නේ නැද්ද ??

    ReplyDelete
  9. මේක කතාවක් උනත් අද සමාජයේ මේවගේ සිදුවීම් බහුලවම සිදුවන්නක්, මේවගේහොරවැඩ මාට්ටු උනාම මනුස්සකමට සලකලා අයිත කාටවත් පිහිටක් වෙන්නේනෑ,

    ReplyDelete

adds

CBeckAds_ad_Name = "17264"; CBeckAds_ad_Group = "None"; CBeckAds_ad_Width = 728; CBeckAds_ad_Height = 90; //-->

Adds.....

Adds,,,,

Click here

CBeckAds_ad_Name = "17264"; CBeckAds_ad_Group = "None"; CBeckAds_ad_Width = 120; CBeckAds_ad_Height = 600; //-->