Sunday, July 22, 2012

ඇලඩින් ගැන.....

කලින් පෝස්ට් එකෙන් බ්ලොග් 1 ගැන හෙන පුරාජේරු කියෙව්වනේ....ඒත්  ඉතින්  දැන් කට්ටිය කල්පනා කරනව ඇතිනේ කව්ද බොලේ මේ ඇලිස්...?…වැරදුනා...වැරදුනා....
කව්ද බොලේ මේ ඇලඩින්....?කියාලා. හි හි හි .........

  ඔන්න ඉතින් දැන් කියන්න යන්නෙ ඇලඩින් ගැන.හැබැයි අරාබි නිසොල්ලාසයෙ එන ඇලඩින් ගැන නම් නෙවේ ඕං.... ඇත්තම කිව්වොත් ඇලඩින් කියන්නෙ මං. ඒ තම්යි මගේ කාඩ්  1. මගේ ගම්පලාත තමයි  පස්දුන් කෝරලේ.....වයස අවුරුදු 22යි..තාම හොඳ කොලුගැටයා ඕං

මගේ කාඩ් 1 කිව්වාම හැමෝම අහන කුජීත ප්‍රශ්නයක් තියෙනවා...ඔයාලගෙ ඔලුවටත් ඒ ප්‍රශ්නෙ එන්න ඇති කියල හිතෙනව.... ඔය ප්‍රශ්නෙ ඔයාලත් මගෙන් අහන්න කලින් මමම ඒ මොකක්ද කියලා කියන්නම්කෝ.. මොකද ඒ ප්‍රශ්නෙට උත්තර දීල ඕං මට දැන් එපාවෙල තියෙන්නෙ.
 ප්‍රශ්නෙ තමයි,ආ....ඇලඩින්, කෝ උඹේ පුදුම පහන....? භූතය එහෙම නැතෙයි?ඒ වෙලාවට තමයි මගේ කටට හොඳ හොඳ එව්වා එන්නෙ...ඒත් ඉතින් කටක් ඇරල ඔව්ව කියන්න පුලුවනෑ....අපි ඉතින් ගුණගරුකව හැදිල සිරිමත් මගෙ සකි යහපත් ලමයෙකි වගේ  ශාන්ත දාන්ත තීන්ත කුපිය වගේ ඉන්න මල් වැනි හොඳ ලමයි නොවැ..... හි හි හි.....
මේ දවස් වල නම් ඔය ප්‍රශ්නෙට මං දෙන උත්තරේ තමයි .... "පහන නම් ඔන්න ඔහේ තිබ්බ බන්....ඒත් භූතය ගැන නම් කතා කරන්න එපා" කියලා.ඒ මොකද බං කියලා ඇහුවම මං කියන්නෙ "ඌ මේ දවස් වල ස්ට්‍රයික් බං" කියල.හි හි හි....
ඇයි ඉතින් මේ දවස් වල ලංකාවෙ හැම තැනම ස්ට්‍රයික් නොවැ....හැමෝගෙම කටේ තියෙන්නෙ ස්ට්‍රයික්...ස්ට්‍රයික්....ස්ට්‍රයික්.....කියලනේ....

මං මේ ලඟදි කියවපු සොලෝකයකත් තිබ්බෙ "අයං ස්ට්‍රයික් කාලෝ" කියල.ඒ කියන්නේ මේ ස්ට්‍රයික් කාලයයි කියන එක නොවැ.හි හි හි.....ඕක තිබ්බෙ මොන පොතේද දන්නවද? හි හි හි..... මූණු පොතේ.මේ පොත ගැන ඔයාල හැමෝම දන්නවනෙ.....කවුද මන්ද ඩයල් 1ක් පෝස්ට් කරල තිබ්බ.හි හි හි.......මාත් ඉතින් හැමෝම කරනව වගේ ලොකුවට LIKE පාරක් දාල SHARE පාරකුත් දැම්ම.හි හි හි....

දැන් මං කියන්න යන්නෙ මගේ අනිත් විස්තර ගැන....
මගේ පවුලෙ 4 දෙනයි.අම්මයි,තාත්තයි,මල්ලියි,මායි..මන් තමයි පවුලෙ ලොකුම එකා.... අඩම්බරයි නේ...
සා  පෙල කලේ ගමේ ඉස්කෝලෙන්..දොඩන්ගොඩ මහා විද්‍යලය.උ පෙල කලේ නගරෙ ඉස්කෝලෙන්...මතුගම ආනන්ද ශාස්ත්‍රාලය.මාත් ඉතින් අනිත් උන් වගේ ලොකු කමට කලේ සයන්ස්(Bio Science)

දැන් ඉතින් ඉන්නේ පේරාදෙණිය කැම්පස් එකේ.අති උත්තම විද්‍යා පීටයේ. තාම ඉතින් පළවෙනි අවුරුද්දෙ....ඇයි ඉතින් 2010 යෙ විභාගෙ ලිව්වට අවුරුද්දකටත් වඩා ගෙදර හිටියනේ  ඕං ලංකාවෙ අධ්‍යපනයට පිං සිද්ධ වෙන්ට.... අපිත් ඉතින් නොදැනීම වයසට යනව නොවැ. ඩිග්‍රිය අරන් ඉවර වෙද්දි කෙස් පැහිල,හම රැලි වැටිල,හැරමිට්ටෙන් යන්න වේ කියල තමයි ඇලඩින්ගෙ හිතේ බය.... ඇයි ඉතින් ලංකාවෙ හැම අවුරුද්දකම "අයං ස්ට්‍රයික් කාලෝ" වෙනවනේ....


 එහෙනම් ආයිබොවන්ට....හැමෝටම ගිහින් එන්නං කිව්වා ඕං.....

10 comments:

  1. සයිබරයට ලෙන්ගතුකමින් යුතුව පිලි ගනිමි!
    ෆලෝ කරන්නට ෆලෝ බොක්ස් එකක් තිබෙනවා නම් වඩාත් හොඳ ය..තව ද වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන්නේ නම් මැනවි!!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි රැංගො අයියා....
      …වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා ඔන්න...
      …තව මොනවද adupaadu?

      Delete
  2. එලකිරිය. ඔහොම ලියාගෙන යමු මලයා :)

    ඒ ගමන් බ්ලොග් එක මෙන්න මේ සින්ඩිවලට එකතු කරන්න.. එතකොට හුඟක් අයට මේ බ්ලොග් එක කියවන්න පුලුවන් වේවි

    http://blogs.sinhalabloggers.com/
    http://syndi.lankeeya.lk/
    http://kottu.org/si/

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි.... හසිත අයියේ

      Delete
  3. සංතෝසයි මචෝ.....දිගටම ලියමු එහෙනම්....ජය වේවා.....!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මචෝ......

      Delete
  4. සුභ පැතුම් මල්ලි...ජය වේවා...

    ReplyDelete
  5. තවත් අළුත් එකෙක්. බ්ලොග් පවුල දවසින් දවස ලොකු වෙනවා. ගහට ගෙඩි බර නෑ වගේ කී දෙනෙක් වැඩි වුනත් සයිබරයටත් ගානක් නෑ. උඹට හිතෙන දේ ලියපං. කාටවත් යට වෙන්න එපා. අනිත් වුන් එක්ක මරාගන්නත් එපා. සුබ අනාගතයක්. ජය...!

    මගේ පුද්ගලික අදහස - උඹ ලියන ශෛලිය මට ටිකක් හුරු නෑ වගේ. බොළද වැඩියි කියලා හිතෙනවා. ඒ වුනාට ඒ විදියට කැමති අයත් ඇති. හුරු නැති වුනත් මමත් ආයෙ එනවා...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ප්‍රදීප් සහෝ... දුන්නු උපදෙස් වලට...
      …ඔයාලගෙ උපදෙස් ගොඩක් වටිනවා බ්ලොග් 1කේ සාර්තකත්වයට...

      Delete

adds

CBeckAds_ad_Name = "17264"; CBeckAds_ad_Group = "None"; CBeckAds_ad_Width = 728; CBeckAds_ad_Height = 90; //-->

Adds.....

Adds,,,,

Click here

CBeckAds_ad_Name = "17264"; CBeckAds_ad_Group = "None"; CBeckAds_ad_Width = 120; CBeckAds_ad_Height = 600; //-->